කොස්කඳවල

කොස්කඳවල

යක්කල දී නුවර කොළඹ පාරෙන් හැරී සැතපුමක් පමණ අතුරු මාර්ගයෙන් ගිය විට පොල්වතු හා කුඹුරු යායක් මැද වූ පර්වතයක කොස් කඳවල පැරණි ලෙන් විහාරය පිහිටා ඇත. මෙම ස්ථානයේ පෞරාණිකත්වයට හේතුවන සාධක ලෙස සැතපෙන බුද්ධ ප්‍රතිමාව ප්‍රධාන කොටගත් දේවතා පිළිම ආදී ප්‍රතිමා කාර්මාන්ත සහ කටාරම් කොටා සකසා ගන්නා ලද ලෙන හඳුනාගත හැක.

වැදගත්ම කරුණ වන්නේ සිරි පතුලේ කැටයමක් ද මෙම ගල් පර්වතයේ මුදුනේ දක්නට ලැබිමයි.