පිටකොටුව ඕලන්ද කෞතුකාගාරය

පිටකොටුව ඕලන්ද කෞතුකාගාරය

17 වන සියවසේ ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කරමින් 1692 සිට 1697 දක්වා ලංකාව පාලනය කළ තෝමස් වෑන් රී නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් ඔහුගේ නිල නිවස ලෙස මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරවන ලදී. 1796 බ්‍රිතාන්‍ය යුගයේ දී මෙම ගොඩනැගිල්ල පිටකොටුව තැපැල් කාර්යාලය, පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්, යුද හමුදා රෝහලේ අවි ආයුධ ගබඩාවක් ලෙස හා විදුලි සංදේශ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇත.

1977 වර්ෂයේදී විශේෂ සංරක්ෂණ කමිටුව නෙදර්ලන්ත ආධාර ඇතිව මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් ලන්දේසි කෞතුකාගාරය යන නමින් ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදී. මෙහි 1658 සිට 1796 දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඕලන්ද ජාතිකයන්ගේ 3000 කට පමණ අධික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.