කයිමන් දොරකඩ

කයිමන් දොරකඩ

එවකට ඉදිකර තිබූ කයිමන් දොරටුවෙන් වර්තමානයේ ඉතිරිව ඇත්තේ එක් ඝණ්ඨාර කුලුනක් පමණි. එය මෙම දොරටුවෙන් ඇතුළු වන අය විසින් ආරක්ෂාව සඳහා හදිසි අවස්ථාවක දී නාද කිරීමට තිබූ එකක් හෝ, දොරටුව වසන විට නාද කළ එකක් ලෙස සලකනු ලබයි.

කොළඹ කොටුවේ කෙලින් වීදියේ සිට ගෑස් පහ හන්දිය දෙසට ගමන් කරද්දී දකුණු පස පිහිටි 4වැනි හරස් වීදියට පිවිසෙන ප්‍රධාන මාර්ගයට යාබදව මෙම ඝණ්ටාර කුළුණ පිහිටා ඇත.මෙම කයිමන්දොරකඩ විවෘතව තිබුණේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය මතින් ඉදිවුන පාලමකටයි. මෙය පෘතුගීසීන් විසින් “පූර්ටෙරෙයිනා” හෙවත් බිසෝ දොරටුව ලෙස හඳුන්වා ඇති අතර මීට කලින් මෙයට කයිමන් යන නම ලැබී ඇත්තේ ලන්දේසි යුගයේ බව සැලකෙයි.ඔවුන්ගේ බසින් කයිමන් ලෙස හඳුන්වන්නේ කිඹුලන්ට වන අතර මෙම ඇළේ නිතරම කිඹුලන් ගැවසුණු නිසා එම නමින් හඳුන්වා ඇති බවට සැලකේ.

මෙහි පිහිටි ඝණ්ඨාර කුළුණ මීටර් හතරක් පමණ උස ආරුක්කු හැඩැතිය. මෙය බුවනෙකබාහු රජතුමා විසින් කතෝලික පියතුමන්ලාගේ ඉල්ලීමක් පිට වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ සෑදූ ශාන්ත ප්‍රැන්සිස් ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයිති ඝණ්ටාරයක් ලෙස සැලකේ. නිල වශයෙන් අවසන් වතාවට මේ ඝණ්ටාරය වාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුගයේදී බව සැලකෙන අතර ඒ 1926 ජනවාරි 21වෙනිද පස්වැනි ජෝර්ජ් රජුගෙ අභාවය දැනුම් දීමටත්, ජනවාරි 28 ඔහුගේ දේව මෙහෙය වෙනුවෙනුත් සහ 1945 අගෝස්තු 14 වැනිදා දෙවැනි ලෝක යුද්ධයේ අවසාන කාලයේ දී යුද්ධයේ අවසාන කාලයේ දී ජපානය යටත් වුන දිනයේ දී බව සඳහන්ය.