කොළඹ වරාය

කොළඹ වරාය

දාහතර වන ශතවර්ශයේ කෝට්ටේ රාජධානිය තුළ කොළොම්තොට වරාය ලෙස හඳුන්වනු ලැබූ කොළඹ වරාය ශ්‍රී ලංකාව තුල පමණක් නොව දකුණු ආසියාවේ විශාලතම හා කාර්යබහුල ම වරාය වේ.

මෙය ඉන්දියන් සාගරයේ පිහිටි ස්ථානය නිසාම මුළු දකුණු ආසියාවේ ම වැදගත් පර්යන්තය ලෙස කටයුතු කරයි. 1980 වකවානුවේ දී කොළඹ වරාය දොඹකර සහ අනෙකුත් නවීන පර්යන්තය අවශ්‍යතා ස්ථාපනය කර ගනිමින් ඉතා වේගවත්ව නවීකරණය වීමට පටන් ගත්තේ ය. දැනට බහාලුම් මිලියන 4.1 ක ධාරිතාවයකින් යුත් කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායවලින් එකක් වන අතර ලෝකයේ වරායවල් අතුරින් 35 වන ස්ථානය ගනී.

තවද මෙම වරාය රටට බොහෝ විදේශ විනිමය ලබා දෙන ලොව විශාලතම කෘතිම වරායන් අතරින් එකකි. එය ටොන් මිලියන 30.9 ක වාර්ෂික ගුවන් භාණ්ඩ බෙදා හරිනු ලබා ඇත. කොළඹ වරාය දකුණු ආසියාවේ දෙවන උසම ගොඩනැගිල්ල පිහිටි අතර බොහෝ වාණිජ අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය භාවිතා වේ.