බේරේ වැව

බේරේ වැව

බේරේ වැව යනු කොළඹ නගරයේ පිහිටි ජෛව විවිධත්වයෙන් ඉතා අධික පරිසර පද්ධතියක් වන අතර ජලය, කුරුල්ලන්, විවිධ මත්සයින්, උරග සත්ත්වයෙන්, උභය ජීවීන් මෙන්ම මෙන්ම ක්ෂීරපායි සතුන්ගේ ද වාසස්ථානයක්ව පවතින ස්ථානයකි. ජලජ වාසී සතුන් මෙන්ම වැව් ඉවුර හා ඒ අවට ඇති ගස් වල වාසය කරන කුරුල්ලෝ ද බොහෝ ය. පෘතුගීසීන් විසින් ඔවුන් සෑදූ කොළඹ කොටුවේ ආරක්ෂාවට එනම් සිංහල හමුදාවන්ගෙන් එල්ලවන ප්‍රහාර අවම කරගැනීමට කොටුව වටා ඉදිකළ දිය අගල පසුකාලීනව බේරේ වැව ලෙස නම් කළ බව සැලකේ. 1796 දී සිතියමක කොළඹවිල ලෙස නම් කර තිබුණද බේරේ වැව යන නම නිල වශයෙන් ලැබී ඇත්තේ 1927 වර්ෂයේදී බව සඳහන් ය. හෙක්ටයාර 65.4 පුරා විසිරී ඇති බේරේ වැවෙහි ගැඹුර මීටර් 2කි. මෙය සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි.

වැසි වතුර රඳවා රඳවා ගන්නාපහත් (තෙත්) බිමක් ලෙස ද ගංවතුර පාලනය කරන ස්ථානයක් ලෙසද මෙය ක්‍රියා කරයි. ගාලු මුවදොරදී හමුවන බේරේ බේසම ලෙසින් හඳුන්වන ලබන බේරේ වැවේ වාන් දොරටු අසල බොහෝ කුරුල්ලන් ගැවසෙන බව ද බොහෝ අය නොදන්නා සත්‍යයකි.