ජාතික කලා භවන

ජාතික කලා භවන

ජාතික කලා භවන අංක 106, ආනන්ද කුමාරස්වාමි මාවත, කුරුඳුවත්ත යන ලිපිනයෙහි පිහිටයි. මෙය ජාතික කෞතුකාගාරයට ආසන්නව පිහිටන අතර ගැලරි 3ක් පිහිටයි. ප්‍රධාන ගැලරියේ පින්තූර හා භූ දර්ශන ස්ථිර එකතුවක් ඇත . අනෙක් ගැලරි දෙකෙහි ශ්‍රී ලංකා කලාකරුවන් විසින් තාවකාලිකව සිදුකරන ප්‍රදර්ශන පවත්වනු ලබයි. මෙහි නැගෙනහිර ගැලරියේ අවකාශය අඩි 108 x32 හා බස්නාහිර ගැලරියේ අවකාශය අඩි 68 x32 පමණ වේ. අවකාශ දෙකෙහිම ආසන්න වශයෙන් අඩි 18 ක පමණ උස සිවිලිමක් ඇත.

මෙය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය ඇසුරින් සකසා ඇත්තේ ලන්දේසීන් විසිනි. ජාතික කලා භවන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අනාවරණය කරගත හැකි හොඳම ස්ථානයක් ලෙස සැලකිය හැකිය. තවද මෙය තරුණ හා නවක නිර්මාණකරුවන්ට තමන්ගේ දක්ෂතා කළ එළි දැක්වීමට කදිම තෝතැන්නකි.