මාලිගාවිල

මාලිගාවිල

මාලිගාවිල වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ හුණුගලින් නිර්මිත අඩි හතළිහක් පමණ උසැති පෞරාණික හිටි පිළිමය නිසායි. සම්ප්‍රදායට අයත් සිරිලක පවතින විශාලතම බුදු පිළිමය ද මෙය වේ. හුණු ගලින් නිම වී ඇති නිසා මෙහි කැටයම් ඉතා සියුම්ව කර ඇත. එමෙන්ම මුහුණේ භාව ප්‍රකාශනය ද තියුණුව සිදුකර ඇත. කලාවැව අවුකන පිළිමයේ සම්ප්‍රදායට බොහෝ සෙයින් සමාන කමක් මෙම පිළිමයට ඇත. නමුත් අවුකන පිළිමයේ පවතින සිරස්පත මෙහි දක්නට නොලැබේ. ක්‍රි.ව. 571-604 සමයේ අග්ගබෝධි රජු විසින් කරවන ලද අනර්ඝ නිර්මාණයකි මාලිගාවිල. මහවැලි ගඟේ අතු ගංගාවක් හරස් කොට මහියංගණය අසල බැඳී මිණිපේ වාරි කර්මාන්තය, අග්බෝ රජු විසින් ඌවට දායාද කළ තවත් විශාල සම්පතකි. මෙම මිනිපේ වේල්ල හෙළ වාරි තාක්ෂණයේ ඉතාමත් ඉහල තැනක් ගනී. මාළිගාවිල පිළිමය වටා ඇති ශක්තිමත් ගඩොල් බැම්ම තුළින් තුළින් එකල වහලක් සහිත පිළිමගෙයක් ඉදිකර තිබූ බව සනාථ වේ. හුණු ගලින් නිමවූ පිළිවෙලින් විශාල සෘජුකෝණාස්‍ර හතරක් විය. මින් විශාලතම ඍජුකෝණාස්‍රය සඳකඩපහණ නෙළා තිබීම සුවිශේෂී ලක්ෂණයක් විය. මෙයට ප්‍රවිෂ්ඨ වන විට වම් පස විශාල ප්‍රමාණයේ ශෛලමය ජන්තාඝාරයකි. (පා දෝවනය ට හෝ මල් දෝවනයට හෝ එහි ජලය එක්රැස් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.