බුදුරුවගල

බුදුරුවගල

වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ අංක 48 වන සැතපුම් කණුව අසලින් හැරී සැතපුම් 4 ක් පමණ ගිය විට මොනරාගල දිස්ත්‍රික්කයට අයත් මේ ස්ථානය මුණගැසෙයි. අඩි 70 ක් පමණ පළල් වන ගල් බිත්තියේ උස කොටසේ අඩි 50 ක් පමණ වන අභය මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමාව අඩක් මතු වනසේ නෙළා හුණු බදාමයෙන් සම්පූර්ණ කර තිබුණු බව පෙනේ. ලංකාවේ ඇති උසම ශෛලමය ප්‍රතිමාව මෙහි ප්‍රධාන බුදුරුව උසින් අඩි 51 ක් පමණ වන අතර ඒ දෙපස ප්‍රතිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රතිමාවේ දකුණු පසින් අවලෝකිතේෂ්වර නාථ බෝසතුන් මැදිකොට ගෙන තාරා දේවියගේ සහ සුධන පෝසතුන්ගේ ප්‍රතිමා වේ. එසේම වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක් ද, හඳුනා ගැනීමට අපහසු වෙනත් රුවක් ද වේ