බෝගොඩ ලී පාලම

බෝගොඩ ලී පාලම

එකල බැතිමතුන් විශාල ප්‍රමාණයක් මහනුවර සහ මහියංගනය සිට මුතියංගණය වන්දනා කිරීම සඳහා පැමිණ ඇති පොදු මාර්ගය වැටී ඇත්තේ බෝගොඩ ගල්ලන්දා ඔය හරහාය. මෙම ඔය ගල්තලාවල් මතින් ගලා බසින නිසාවෙන් ගල්ලන්දා නම පටබැඳිණි. එකල ගල්ලන්දා ඔය හරහා ඒ දණ්ඩක්වත් නොතිබුණු අතර ක්‍රි.ව. 1200 – 1283 දඹදෙනි යුගයේ දී ගල්ලන්දා ඔය හරහා ඒදණ්ඩක් නිමැවිය. පසුව කෙමෙන් විකාශය වූ මෙම පාලම දඹදෙණිය යුගයේ 16 වන සියවසේ දී (ශ්‍රී වි‍ක්‍රම රාජසිංහ සමයේ දී එනම් ක්‍රි.ව. 1798 – 1815) අද තිබෙන කලාත්මක නිර්මාණය බවට පත්විණ.

මෙම පාලම දිගින් අඩි 40 ක් වන අතර අත්වැල, පාදම, වහල දරා සිටින කුලුනු යන මේ සියල්ල ශක්තිමත් ලෙස ලීයෙන් නිර්මාණය වී ඇත. මහනුවර යුගයේ උළු වලින් මෙම පාලම අලංකාර වී ඇත. පාලමට ඇති ප්‍රවිශ්ටය පිහිටි ගලක් දෙකඩ කොට එම කොටස් දෙක ඈත් කිරීමෙන් ශක්තිමත්ව නිමවා ඇති අයුරු විස්මිත ය. මෙය ශ්‍රී ලංකාව තුළ පැරණිතම ලී පාලම ලෙස ද හඳුනා ගත හැක. එමෙන්ම වහලක් ඇති එකම පාලම ද මෙය යි.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්