බදුලු ටැම් ලිපිය

බදුලු ටැම් ලිපිය

1857 දී ඉංග්‍රීසි උප ඒජන්තවරයකු ව සිටි ජෝන් බේල් මහතා විසින් මහියංගන හොරබොර වැව අසල හෝපිටිගම ප්‍රදේශයෙන් මෙම ටැම්ලිපිය සොයාගන්නා ලදී. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් 4000ක් වන සෙල්ලිපි අතරින් විශාලතම හා කුඩාම අකුරු සහිත ලිපිය මෙය වේ. මෙහි උස අඩි 8 අඟල් 5ක් වන අතර එක් පැත්තක පේළි 47,49 සහ 58 වශයෙන් පේළි 208 ක් සහ අකුරු 2000 ක් පමණ අන්තර්ගත වේ.

ක්‍රි.ව. 10 වන සියවසේ රජකළ ශ්‍රී සංඝබෝධී උදය රජ මහියංගන විහාරයට පැමිණි කල ගම් වැසියන් ඉදිරිපත් කළ පෙත්සමකට ප්‍රතිචාරයක් වශයෙන් ගමේ වෙළඳාම හා පාලනය ක්‍රමික කිරීමට ඇති කරන ලද ව්‍යවසථාවකි. මෙම ටැම් ලිපිය තුළින් එකල පැවති ගැමි සමාජයේ අභ්‍යන්තර වෙළඳාම, රාජ්‍ය සංවිධානය, අධිකරණය හා නිල දරුවනට අයත් කාර්යය ,සමාජ සිරිත් විරිත්, අක්ෂර සහ භාෂා විලාසය මෙම ටැම් ලිපිය මගින් විවරණය කෙරේ.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්