බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල

මුහුදු මට්ටමේ සිට මීටර 1225 ක උසින් සෞම්‍ය දේශගුණයක් සහිතව බණ්ඩාරවෙල නගරය පිහිටා ඇත. කොළඹ සිට කි.මී. 200 ක් පමණ ඇත. අවට ස්ථාන වලට සාපේක්ෂව එහි ඉහළ උන්නතාංශයක් ඇත. බණ්ඩාරවෙල කාලගුණික තත්ත්වය වසර පුරා ඉතාව සෞම්‍යව පවතින බැවින්, එය නැරඹීම සඳහා දේශීය හා විදේශීය ජනයා පැමිණෙන සංචාරක ස්ථානයක් බවට පත්ව ඇත.

බණ්ඩාරවෙල ඇටම්පිටිය මාවතේ පරණ බස් නැවතුම්පොළ අසල ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් නටබුන් සහ මෙවලම් වල සංරක්ෂණ කටයුතු දැනට කරගෙන යයි. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය, බණ්ඩාරවෙල නගරයේ දසුන්, බණ්ඩාරවෙල නව බස් නැවතුම්පළ, බණ්ඩාරවෙල නගරයේ ඇති ආකර්ෂණීය ස්ථාන වේ.

මූලාශ්‍ර - ඌව අබිමන - සුධීර හේරත්