සීනිගම විහාරය

සීනිගම විහාරය

සංචාරක ආකර්ෂණීය ස්ථාන අතර ‍මෙම සීනිගම විහාරය ජනප්‍රිය නාමයකි. මෙම සීනිගම විහාරය,සීනිගම දේවාලය ලෙස හැඳින්වේ. හික්කඩුව සීනිගම , අරලිය ගහ,කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගයේ 96 කණුවෙන් ඔබ්බට, මුහුදු වෙරළ තීරයේ පිහිටා ඇත. හික්කඩුව සීනිගම විහාරය ආසන්න වශයෙන් 1300 ක් පමණ පැරණි වේ. කෙසේ වෙතත්, මේ සදහා නිශ්චිත කාල වකවානුවක් පිළිබද සාක්ෂි ඉදිරිපත් වී නොමැත. කෙසේ නමුත් සීනිගම විහාරය පිළිබද අවුරුදු 300ක ලිඛිත ඉතිහාසයක් පමණ සාක්ෂි ඉතිරිව ඇත.

මෙම සීනිගම විහාරය, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල මෙන් ම සංස්කෘතික අංගයක් සඳහා කදිම සාක්ෂියකි. දෙවොල බෞද්ධ ජනයාගේ ප්‍රබල ස්ථානයකි. මෙම දෙවොල් දෙවියෝ හෝ දෙවොල් සංස්කෘතිය සිංහලයන් අතර ප්‍රචලිතව ඇති අතර දිගින් දිගටම ඒ සඳහා නිරිත දිග තැනිතලා ප්‍රදේශයට අයත් ධීවර ජනතාව විසින් නමස්කාර සදහා පැමිණේ. දෙවොල් උත්සවය සදහා ප්‍රමුඛත්වයක් ලැබෙන අතර බොහෝ වෙරළබඩ ප්‍රදේශවල ධීවර කටයුතු සාර්ථකත්වය සහතික කිරිම ද මින් බලාපොරොත්තු වේ.