මඩොල්දූව

මඩොල්දූව

කොග්ගල වැනි ස්ථාන නැරඹීමට විවිධ රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ආකාර්ෂණය වේ. කොග්ගල ප්‍රසිද්ධ ලේඛකයකු වන මාටින් වික්‍රමසිංහගේ ගෙදර, කොග්ගල නගරයේ ඉතා වටිනා සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථානයක් වී ඇත.

කොග්ගල සිංහල සංස්කෘතීය හා සම්ප්‍රදාය, සංචාරක අභියෝගීතා සඳහා කදිම තැනකි. කෞතුකාගාරය ලී ගෘහ භාණ්ඩ,සම්ප්‍රදායික වෙස් මුහුණු සහ ජන නැටුම්වල ඇඳුම් ආයිත්තම් ආදිය සමන්විතවේ. නරඹන්නන් හට අනෙකුත් කුඩා දුප්පත් හා කොග්ගල අඩවිය වටා ජෛව විවිධත්වය ගවේෂණය කිරීමට සහ කොග්ගල වැවෙහි බෝට්ටු සංචාරය කිරීමට ද පුළුවන. කොග්ගල කුරුල්ලන් නැරඹීම සඳහා ද පරීපූර්ණ නිදහස ඇති තැනකි. සවස කාලයේ දී කුරුල්ලන් සිය ගණනක් මෙම ස්ථානයට පැමිණේ.

මඩොල් දූපත, “මඩොල් දූව”පොත හරහා ඉතා ප්‍රසිද්ධියට පත් වේ. මෙම නවකතාව මාටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලදී. මාටින් වික්‍රමසිංහ 20 වැනි සියවසේ අග භාගයේ දී ඉතා කීර්තිමත් ලේඛකයා ලෙස හඳුනා ගෙන ඇත. මෙම කතාවේ උපාලි, ජින්නා, රනදේව, පොඩි ගමරාල සහ සිරිපාල යන චරිත ජීවමාන කර ඇත. මඩොල් දූව නම් පාළු දිවයින තුළ සිය ජීවිත සාර්ථක කර ගැනීමට ඔවුන් කරන අරගලය කතාව හරහා විස්තර කර ඇත. මෙම කතාව 1976 දී සිනමා නිර්මාණයක් බවට ද පරිවර්තනය කරන ලදී.

සමස්ත කලපුවේ ඉස්සෝ හා කුරුල්ලෝ බොහෝමයක් සිටිති. බෝට්ටුවකින් සංචාර කිරිම සඳහා කොග්ගල වැව අවට දූපත් ගවේෂණය කිරීමට අවසර ඇත. ඇත්ත වශයෙන් ම එය විවේකී අත්දැකීමක් වනු ඇත. පොල් ඔය, කුඩා දූපත් 8කින් සමන්විත ශ්‍රි ලංකාවේ විශාලතම ස්වභාවික වැවක් ලෙස ගණන් ගනු ඇත.

කඩොලාන කලපුව තුළ විවිධ ශාක විශේෂ දකින්නට ඇත. ඉන් 10ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික වීම විශේෂ තැනක් ගනී. මඩොල් දූව අවට වඳ වී යන කැස්බෑවන් සංරක්ෂණය කර ගැනීමට උත්සාහ කරයි.

ග්‍රන්ථ මූලාශ්‍ර - Tour Sri lanka - Madol Duwa Sri lanka