උස්සන්ගොඩ

උස්සන්ගොඩ

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ තීරයේ ඇති ස්වාභාවික පරිසරය අතර අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති උස්සන්ගොඩ ප්‍රදේශය සුවිශේෂ ස්ථානයක් ගනී.

උස්සන්ගොඩ භූමිය වියළි කලාපීය වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරන අතිශය සුන්දර භූමි භාගයකි. ඉතිහාසයේ රාවණා රජුගේ රාජධානිය මෙහි පිහිටි බවත් රජුගේ දඬු මොනරා ගුවන් යානාව ගොඩ බැස්සවූ ස්ථානය මෙය ලෙසටත් ජනප්‍රවාදයේ සඳහන්ය.

පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් වශයෙන් ගොඩබිම හා සාගර ජෛව විවිධත්වයේ අතිශය වටිනාකමක් ඇති භුමි භාගයක් වශයෙනුත් උස්සන්ගොඩ වැදගත් ස්ථානයක් හිමිකරගන්නා බව පෙනේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව www.serendib.btoptions.lk
www.srisalike.com