මුල්කිරිගල රජ මහා විහාරය

මුල්කිරිගල රජ මහා විහාරය

රුහුණේ ඉපැරණි සිද්ධස්ථානයක් වන මෙය මුල්කිරිගල නමින් ප්‍රසිද්ධ ගල් පර්වතය මුදුනේ පිහිටා තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බටහිර භාගයේ පිහිටි මෙම විහාරස්ථානයට බෙලිඅත්ත වීරකැටිය මහා මාර්ගයෙන් මුල්කිරිගල හංදියට හැරී මුල්කිරිගල ඕකේවෙල මාර්ගයේ සැ.1 (කි.මී.1.6) න් ළඟා විය හැකිය.

මෙය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දැක් යැයි ඩබ්.සී.නිකුලස් ඇතුළු ඉතිහාසඥයෝ බොහෝදෙනෙක් නිගමනය කරති . මෙහි ඇති බ්‍රාහ්මී අක්ෂරණයන් ලියන ලද පැරණි සෙල්ලිපි විහායේ පෞරාණික බව ඔප්පු කරන සාධකයන් ය.

මෙහි ඇඳ ඇති බිතුසිතුවම්, විහාර ගෙවල්, දාගැබ් හා කැටයම් කර්මාන්ත මහනුවර යුගයට හා ඉන්පසු කාලයට අයත් වේ . පුරාණ කාලයේ දී මෙම ප්‍රදේශයේ පහළ වූ නාගයන් අසබඩ රෑස්ස ගසක සිට මෙම පර්වතයට පැන පහළට ඇදී ගිය බවත් ඒ නාගයා ගිය ගමන් මාර්ගයට අනුව පන්සලේ සැලැස්ම සකස් කළ බවත් කියනු ලැබේ.

මුල්කිරිගල පන්සල නැරඹීමට විදේශිකයන් අතරින් නොමැකෙන සේවයක් ඉටුකළ තැනැත්තා බ්‍රිතානය යුගයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ දිසාපතිවරයෙකු වී සිටි ජෝර්ජ් ටර්නර් ය . ඔහු 1826 දී මුල්කිරිගලට පැමිණි අවස්ථාවේ දී ලබා ගත් මහාවංශ ටීකාව ඉංග්‍රිසියට පරිවර්තනය කොට ප්‍රසිද්ධ කරන ලදී . බටහිර උගතුන් ලංකා ඉතිහාසයේ පැරණි සිංහල පාලි සාහිතය හා කලාව පිළිබඳව උනන්දු වූයෙන් එම විෂයන් පිළිබඳව ශාස්ත්‍රිය පර්යේෂණ රැසකට මුලපුරන ලද්දේ ටර්නර්ගේ කෘතිය පළවීමෙන් පසුවය.

මූලාශ්‍ර - www.zoom.lk
blogs.sathutu.com