කිරින්ද විහාරය

කිරින්ද විහාරය

තිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ සැතපුම් 07ක් පමණ ගිය විට කිරින්ද විහාරයට ප්‍රවේශ විය හැකිය.

කාවන්තිස්ස රජුගේ බිසව වූ විහාර මහාදේවිය රුහුණේ ගොඩබට ස්ථානය ලෙස මෙම භූමිය ජනප්‍රවාදයේ පවතින අතර එකී සිදුවීම සිහි කරනු වස් කාවන්තිස්ස රජු ක්‍රි.පූ. 2 වන සියවසේ දී මෙම විහාරය ඉඳිකළ බව පිළිගැනේ.

මෙම භූමියේ වු ක්‍රි.ව. 1වන සියවසට අයත්වන මහාදාඨික මහානාග රජුගේ නිර්මාණයක් බව පිලිගැනේන පද්‍යමය ශීලා ලේඛනයේ ″උපරජනක″මෙම භුමියේ දී මිත්‍යා දෘෂ්ඨිය අතහැර බුදු දහම වැළඳගත් බව සඳහන් වේ.

මුලාශ්‍ර - www.archaeology.gov.lk