කටුවන ඕලන්ද බලකොටුව

කටුවන ඕලන්ද බලකොටුව

කටුවනය හෙවත් කටුවන නම් ග්‍රාමය ඉතා ආරක්ෂිත බව තේරුම් ගත් විජයබාහු රජතුමා තමන්ගේ බලකොටුවක් එහි තනන ලද්දේය. මාතර සිට පැමිණෙන විට අලි ඇතුන් සිටින ඝන කැලෑවක් මැදින් මේ රාජකීය ග්‍රාමය වෙත යා යුතුය.

අතීතයේ අපේ රට අයත් කරගත් ජාතීන් අතර ලන්දේසීහු ද වෙති. පෘතුගීසීන්ට පහර දී මුහුදු බඩ ප්‍රදේශ අයත් කර ගැනීමෙන් පසු ලන්දේසීන්ගේ ප්‍රධාන අරමුණ වූයේ රට අභ්‍යන්තරයේ බලය සියතට ගැනීමයි.

මුලින්ම මාතර ප්‍රදේශයේ බලය අල්ලාගත් ලන්දේසීන් කඳුකර ප්‍රදේශය අල්ලා ගැනීමට සිහින මැව්වේය. එයට ඔවුන්ට ශක්තිමත් බල කොටුවක අවශ්‍යතාව දැනෙන්නට විය.

ඌරු බොක්ක ඔය ගලා බසින්නේ රත්මල් කන්ද හරහාය. ඔය අසබඩ කඳුවැටි පිහිටයි. ඒ අසල පිහිටි ග්‍රාමය කටුවන වේ. සෑම අතින්ම ගම්මානයේ වූ මනා අරක්ෂාව තේරුම් ගත් ලන්දේසීන් කළුගලෙන් ශක්තිමත් බලකොටුවක් ඉදිරිපත් කරන ලදී.

මෙම කොටුවෙහි උස සපත්තු 16කි.පළල සපත්තු 11කි. (ලන්දේසීන් සමයේ දිග පළල මනිනු ලැබූ මිණුම් ඒකකයකි.) බලකොටුව තුළින් ඉහළට නැගුණු අට්ටාල 2කි. ඒ මඟින් සීඝ්‍ර ආරාක්ෂාවක් බලාපොරොත්තු වේ. ඒ අට්ටාල බලකොටුවට එල්ලවන සතුරු තර්ජන පර සතුරු පහර දීම් ආදිය කල්තියා දැන ගැනීමට මහත් උපකාරයක් විය. එය ආරාක්ෂිත පියවරකි. කාලතුවක්කු 12 ක් පමණ සවිකළ හැකි බිම් ප්‍රදේශයක මුළු බලකොටුවම ඉඳිකර තිබේ.

නමුත් සිංහල සේනාවන්ගේ උපක්‍රමශීලී ආක්‍රමණ හමුවේ ලන්දේසීන් පරාජය වූ අතර කටුවන කොටුව නැවත භාවිතයට ගත නොහැකි සේ බිමට සමතලා කරන ලද්දේ සිංහලයන් විසිනි.

මුලාශ්‍රය - පෞරාණික ස්ථාන සහ ස්මාරක -පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව www.traveljournals.net