හුම්මානය

හුම්මානය

දකුණු වෙරළේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපූරු නිර්මාණයකි. මාතර - හම්බන්තොට මාර්ගයේ නාකුළුගමුවෙන් ප්‍රධාන මාර්ගයෙන් හැරී කි.මී.1.5ක් පමණ දුර යන විට කුඩා වැල්ල වෙරළ තීරයේ මෙය දක්නට ලැබේ.

මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට හුම් ලෙස මුමුණන හඬක් පිට කිරීම නිසා එම නම ලැබී ඇති බව සඳහන්ය. ලෝකයේ පිහිටා ඇති හුම්මාන 6 අතුරින් මෙම හුම්මානය දෙවන ස්ථානය හිමිකර ගනී.

නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රළ ඉතා චණ්ඩවන අතර එවිට හුම්මානයේ රළ පහර අඩි 40-50 ක් පමණ උසට අහස දෙසට විහිදී යයි. හුම්මානය අසල දී හූ කීම, අත්පුඩි ගැසීම, වැනි දේ කිරීමෙන් හුම්මානයේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන බව ගැමියන් අතර මතයක් පවතී.

මෙහි ක්‍රියාවලිය සිදුවන්නේ මුහුදු ජල තරංග වේගයෙන් හුම්මානය තුළට ඇතුළු වී එහි ඇති කළුගල්වලින් සෑදුණු සිදුරකින් ඉහළට විදීම මගිනි.

මූලාශ්‍ර - southernbest.blogspot.com