අම්බලන්තොට රන්ගිර විහාරය

අම්බලන්තොට රන්ගිර විහාරය

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රන්ගිර කන්ද විහාරය අම්බලන්තොට නගරය ආශ්‍රීතව පිහිටා ඇත. වළවේ ගඟේ දකුණු ඉවුරේ පිහිටි මෙම විහාරයේ එක් කෙළවරක් වශයෙන් ද වළවේ ගඟ හැඳින්විය හැක.

පුරාණයේ රංගිරි කන්ද වශයෙන් ප්‍රචලිත රුහුණේ රජකළ රජවරුන් සඳහා රන් සැපයුයේ මෙම ප්‍රදේශයෙන් බව ජනප්‍රවාදයේ අනුව සඳහන් කළ හැක. ඒ අනුව මෙය මෙම ප්‍රදේශයේ ඉතා වැදගත් තැනක් උසුලයි. සද්ධාතිස්ස රාජ සමයෙහි මෙම විහාරය කල බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. එහෙත් ප්‍රදේශයේ පවතින පුරාවස්තු අනුව යුග කිහිපයක් නියෝජනය කරන බව පෙනේ.

වළවේ ගඟේ ක්‍රියාකාරීත්වය මෙම විහාරයට ද නිරන්තරයෙන් බලපෑ බව පෙනීයයි. එම හේතුව නිසාම මෙහි ගල්කණු මත ගොඩනැගිලි ද ඉදිකිරීමට සිදුවී ඇත. ඒ අනුව මෙහි ටැම්පිට විහාරයක් වූ බව පෙනේ.

මුලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
amazinglanka.com