පොත්ගුල් රජමහා විහාරය

පොත්ගුල් රජමහා විහාරය

වළගම්බා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන පොත්ගුල් රජමහා විහාරය රත්නපුර කොටාමුල්ල පාරේ කොටාමුල්ල හංදියෙන් හැරී කරන්ගොඩ මාර්ගයේ සැතපුම් 2 ½ ක් ගියවිට හමුවේ. මෙම ස්ථානයේ කටාරම් සහිත ලෙන් 2 ක් හමුවන අතර එක් ලෙනක් වඩා පැරණි බව ලැබී ඇති තොරතුරුවලින් පැහැදිලි වේ.

පඩි 450 කටත් වඩා තරණයකර පිවිසිය යුතු මෙම විහාරයේ පිවිසුම මුව අයා ගත් යක්ෂයකුගේ මූර්තියකින් යුක්තයි. බුදුරුව සහිත පැරණි ලෙන් චිත්‍ර සඳහා ප්‍රසිද්ධ මෙම ස්ථානයේ නුවර යුගයට අයත් යැයි අනුමාන කළ හැකි සැතපෙන පිළිමයක් හා සමන් දෙවි පිළිමයක් ඇත. පලාපෙති ලියවැල් සහිත සිත්තම් මෙම ලෙනෙහි දක්නට ලැබේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)