ඕමල්පේ ටැම්පිට විහාරය

ඕමල්පේ ටැම්පිට විහාරය

ඇඹිලිපිටියේ සිට සැතපුම් 13ක් දුරින් ඕමල්පේ ගම පිහිටා ඇත. මෙම විහාරය ගොන්ගල කඳුවැටියේ සිට ගිනිකොණ දෙසට බෑවුම් වන හෙල්වැටි අතර පිහිටා ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ අලහකෝන් මුදියන්සේ විසින් කරවූ බව සඳහන් වෙයි.

මෙම විහාරයේ ඓතිහාසිකත්වය තහවුරු කරන මූලාශ්‍ර අතර 1812 දී ඇහැලේපොල අදිකාරම් විසින් දෙන ලද තුඩපතක් හා 1817 දී ඕමල්පේ තෙන්නකෝන් මහතා විසින් දෙනලද පූජාපත්‍රයක් වෙයි. විහාරගෙය දෙමහල් වන අතර ගල්කණු මත ඉදිකර ඇත. මහනුවර යුගයේ සිතුවම් දක්නට ලැබේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)