ඓතිහාසික ඕලන්ද බලකොටුව

ඓතිහාසික ඕලන්ද බලකොටුව

වර්තමානයේ රත්නපුර පොලිස් ස්ථානය පිහිටා ඇති ප්‍රදේශය ද ආවරණය වන පරිදි ගොඩනංවා තිබූ ඕලන්ද බලකොටුව ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පය විදහාපාන තවත් පෞරාණික ස්ථානයකි. එහි ගොඩනැගිලි කිහිපයක් ඇති අතර අඩි 67 ½ ක් දිග හා අඩි 54 ½ ක් පළල දෙමහල් ගොඩනැගිල්ලක් ද වෙයි. එහි පහල මාලය සම්පූර්ණයෙන්ම කළුගලින් නිමවා ඉහල මාලය ගඩොලින් නිමවා ඇති අතර වහල සිංහල උළු සෙවිලිකර ඇත.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)