කොට්ටිඹුල්වෙල පුරාණ විහාරය

කොට්ටිඹුල්වෙල පුරාණ විහාරය

බළංගොඩ වැලිගෙපොල පාරේ සැතපුම් 6ක් පමණ යන විට හමුවන මෙම විහාරයේ කටාරම් කොටන ලද විශාල ගල්ලෙනක සිතුවම්වලින් යුත් විහාර ගෙයක් සහිත අතර වළගම්බා රජු දවස ඉදිකරන ලද බව සැලකේ. ලංකාවේ හමුවන විශාලම ලෙන් විහාර කීපය අතරට අයත් මෙම විහාරයේ සිතුවම් මහනුවර යුගයට නෑකම් කියන අතර විහාරයේ කොටස් 4කි. එක් කොටසක වැඩහිඳින බුදුපිළිම 3 ක් හා විෂ්ණු දේව රූපයක්ද දෙවන කොටසෙහි සැතපෙන පිළිම ගෙයක් ද එයට අමතරව තවත් වැඩහිඳින පිළිම 4ක් ද කුඩා දාගැබක් ද දක්නට ලැබේ. අනෙක් කොටස්වල ද මල්කම් ලියකම් ආදී මෝස්තර හා සිතුවම් දක්නට ලැබේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)