කාවන්තිස්ස රජමහා විහාරය

කාවන්තිස්ස රජමහා විහාරය

ඇඹිලිපිටිය පල්ලේගම නගරය ආසන්නයේ ම දකුණු පසින් මෙම පුරාණ විහාරය දක්නට ලැබේ. කාවන්තිස්ස රජුගේ නියෝගයෙන් එතුමාගේ ඇමතියෙකු විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහ වැවක් කරවා එහි නැගෙනහිරත් බස්නාහිරත් දෙකොණෙහි දාගැබ් කරවූ බවත් එයින් නැගෙනහිර ඇත්තේ කාවන්තිස්ස විහාරය බවත් කියැවේ. මෙහි වූ දාගැබ වට ප්‍රමාණයෙන් අඩි 150 ක් පමණ වූ බවද කියැවේ. නමුත් අද වන විට දක්නට ඇත්තේ එහි නටඹුන් පමණක් වූවත් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ස්ථානයකි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)