ඵුස්සදේව සොහොන

ඵුස්සදේව සොහොන

සංඛපාල විහාරයට උතුරු දෙසින් පිහිටි වෑල්ලෑව නම් ගමෙහි ගල්තලාවක් මත, දුටුගැමුණු රජතුමාගේ සේනාවේ දසමහා යෝධයන් අතරින් කෙනෙකුව හිඳ පසු කලෙක පැවිදි වූ ඵුස්සදේව රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත්කර ඉදිකළැයි සලකන දාගැබක්, විහාරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට හැකි වේ. මෙම ස්ථානය අද "ඵුස්සදේව සොහොන" නමින් හඳුන්වයි.

මෙම සොහොනෙහි උස මීටර් 2ක් පමණ වන අතර දිග මීටර් 12ක් පමණ වේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)