ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය

ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය

මෙය කන්දෙ පුරාණ ගල්ලෙන් රජමහා විහාරය ලෙස ද හඳුන්වයි. මෙහි කටාරම් කෙටූ පැරණි ගල්ලෙනක් ඇති අතර එහි විශාල සැතපෙන බුදු පිළිමයක් හා කුඩා පිළිමයක් ඇත. නුවර යුගයට අයත් සිතුවම් සහිත මෙම ලෙන් විහාරයෙහි වැඩි කොටසක් මේ වන විට අලුත්වැඩියාකර ඇත.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)