බටතොට ලෙන

බටතොට ලෙන

බටතොටලෙන ඇඳිරියන්වල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති මෙම ලෙනට පිවිසෙන ගමන්මග කුරුවිට එරත්න මාර්ගයේ සැතපුම් හයක් පමණ ගිය තැන බටතොට හන්දියෙන් හැරී බටතොට විද්‍යාලය අසලින් වැටී ඇත.

සබරගමු පළාතේ ඓතිහාසික විශාලතම ලෙන් විහාරයක් වන මෙම බටතොට පුරාණ ගල්ලෙන් විහාරයෙන් දිවාගුහාවට අවශ්‍ය ඓතිහාසික සාධක හමුව තිබේ. දිගින් අඩි 150ක් ද, පළලින් අඩි 67ක් ද, උසින් අඩි 50ක් ද වන මෙම ගුහාව තුළ දහසක පමණ පිරිසකට එකට විවේක ගැනීමේ ඉඩකඩ සහිතයි. මෙම ලෙන් විහාරය ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් ද සහිතයි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)