උතුවන් කන්ද

උතුවන් කන්ද

කොළඹ - නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට ළඟා වීමට පෙර පසු කරන ගිරි දුර්ගය අතර බලකොටුවක් සිහිපත් කරන කඳු ගැටයකි. එය සරදියෙල්ට නම් සත්‍ය වශයෙන්ම බළකොටුවක් විය. අද මෙම කඳු ශිඛරයේ සිද්ධියට හේතු වූ පුද්ගලයා එදවස ඉංග්‍රීසින්ට හිසරදයක් වූ ද, ධනවතුන්ට කප්පම් කාරයෙක්ද ,දුගී ජනයාට වීරයෙක් ද ,වූ සුවිශේෂ පුද්ගලයෙකි. උතුවන්කන්දේ සූර සරදියෙල් නොහොත් ලංකාවේ රොබින් හුඩ්ට සෙවණ සැපයූ මෙම කඳුගැටය ස්වභාව සෞන්දර්යයේ අපූර්ව නිමැයුමකි.

යටත් විජිත සමයේ castle rock ලෙස හැඳින්වූ එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංග්‍රීසි ජාතිකයන්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුළුණේ හැඩයට බවත් එම නිසා මෙම කඳු ශිඛරයට castle rock යන නම ලැබෙන්නට ඇති බවත් සැලකේ. නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය උතුවන්කන්ද ලෙස හඳුන්වනු ලැබේ. උතුවන්කන්ද සතර කෝරලයට අයත් ගලබඩ කෝරලයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනිත් පසින් බලන දුර්ගයටත් මැදිව මහ ඔය නිම්නයේ කෙත්වතු අතර පිහිටා ඇත.