අසුපිණි ඇල්ල

අසුපිණි ඇල්ල

කෑගල්ලේ අරණායක උඩුවැල්ල කියන ප්‍රදේශයේ පිහිටා ඇති අසු පිණි ඇල්ල රසවත් ජනප්‍රවාදයන් සහිත දිය ඇල්ලකි. කොළඹ සිට අවිස්සාවේල්ල, කරවනැල්ල, ගිනිගත්හේන ,නාවලපිටිය, දොළොස්බාගේ, කුරුදුවත්ත මාතාගොඩ හරහා උඩුවැල්ලට ළඟා විය හැකි අතර, ගම්පොල සිට දොළොස්බාගේ, මාතාගොඩ හරහාද උඩුවැල්ලට පැමිණිය හැකිය.උඩුවැල්ලේ සිට අසුපිනි ඇල්ලේ සුන්දරත්වයත්වය විඳිනට මෙතරම් කටුක මගක් ගෙවා යා යුතුයි.

මහඔය ආරම්භයේ ඇති අහු පැනි ඇල්ල සම්බන්ධව ඇති ජනප්‍රවාද අතරින් වඩාත් ප්‍රචලිත ජනප්‍රවාදයේ පෙර විසූ රජතුමෙක් යුද වැදීමට යාමට පෙර සිය බිසෝවරුන් තිස් දෙනා මෙම ඇල්ලට උඩින් ඇති ලෙන තුළ රඳවා තමා දිනුවහොත් සුදු කොඩියක් මගින් සංඥා කරන බවත් පැරදුනහොත් කළු කොඩියක් මගින් සංඥා කරන බවත් දන්වා පිටත්ව ගොස් ඇති අතර අවසානයේ රජු යුද්ධයෙන් ජයග්‍රහණය කර සංඥාව එවූ පණිවිඩ කරු බීමත් ව වැරදීමකින් සංඥාව ලෙස කළු කොඩිය ඔසවා ඇති නිසා බිසෝවරුන් ඇල්ලෙන් පැන දිවි නසාගත් බවත් ඒ බව දැනගත් රජු ද සිය යුධ අසු සමගම ඇල්ලෙන් පහළට පැන ඇති බවත් සඳහන් වේ. එම අසු පැන්න ඇල්ල පසු කලෙක අසු පැණි ඇල්ල නම් වී ඇති බවත් මෙම ජනප්‍රවාදයට අනුව සඳහන් බිසෝවරු තිස්දෙනා සිටි ලෙන තිස් කුමාරී ලෙන ලෙසත් පැන දිවිනසාගත් ඇල්ල පහළ ජලාශය මිනීකදන්වල ලෙසත් හදුන්වයි.