තබ්බෝව වැව

තබ්බෝව වැව

පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම වැව කොළඹ සිට මීගමුව දක්වා මාර්ගයේ ගොස් පුත්තලමින් හැරී අනුරාධපුර -ත්‍රීකුණාමල මාර්ගයේ කිලෝමීටර 8 පමණ ගොස් කරුවලගස්වැව ඔරලෝසු කණුව අසලින් වමට හැරී මද දුරක් ගිය විට හමුවේ. මෙම වැව පෝෂණය වන්නේ මී ඔයෙනි. මෙහි විශාලත්වය හෙක්ටයාර් 461 පමණ වේ. මෙය කරවා ඇත්තේ කාවන්තිස්ස රජු බව විශ්වාසයක් ඇත. ඒ සඳහා පැහැදිලි සාක්ෂි හමු නොවේ. මෙහි වැව් බැම්ම මීටර් 1910 පමණ වන අතර බැම්ම මීටර් 9ක් උස වේ.

මෙය අතීතයේදී තබ්බවාපි ලෙසද හඳුන්වා ඇත. මෙය පළවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවා ඇතැයි ද සැලකේ. මී ඔය හරවා බැඳී වේල්ලෙන් රදව් බැඳී ඇළ ඔස්සේ තබ්බෝව වැවට ජලය සපයා ඇත. මෙය ආසන්නයේ නාග රුව සහිත ගල් පුවරුවක් ද දක්නට ලැබේ.

ග්‍රන්ථ සහ පින්තූර මූලාශ්‍ර- පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්ත දෙපාර්තමේන්තුව