පොම්පරිප්පු

පොම්පරිප්පු

විල්පත්තු වනෝද්‍යානයේ පිහිටි භූමිය තුළ වෙරළ දෙසට ආසන්නයේ පිහිටා ඇති පොම්පරිප්පු නම් ස්ථානය ඉපැරණි සොහොන් බිමක් බවට තහවුරු කරගෙන ඇති වටිනා ස්ථානයකි. මෙය මීට අවුරුදු දහස් ගණන්කට පෙර ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු කෙත්වතු වලින් වැසී පැවති අතර අස්වනු නෙළන කාලයේදී මෙය රන්වන් පාටින් දිස් වූ හෙයින් “රන්වන් තැන්න“ යන අදහසින් යුතුව ද්‍රවිඩ භාෂාවෙන් පොන්පරප්පු ලෙස හඳුන්වා ඇත. පසු කාලයකදී මෙය පොම්පරිප්පු ලෙසට හැඳින්වේ.

මෙහි ස්ථාන කිහිපයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කර ඇති අතර අක්කර 4ක පමණ ප්‍රදේශයක මිනී වළවල් 8000කට පමණ ආසන්න සංඛ්‍යාවක් පවතී. මෙහි ඇත්තේ ක්‍රි.ව. 1000-500 අතර වාසය කළ සිංහල, දමිළ හා වැඩි ජන කොටස් කිහිපයකට අයත් මානවයන් බව අදහස් කෙරේ.

එමෙන්ම මෙම ස්ථානයේ එම ජනයා මැටි බරණි තුළ භූමිදානය කර ඇති බවට සාධක හමු වී ඇත. එමෙන්ම ඒවායෙහි අන්තර්ගත කර ඇති විවිධ ලෝහ මෙවලම් ද සොයාගෙන ඇත.

ග්‍රන්ථ සහ පින්තූර මූලාශ්‍ර - පෞරාණික ස්ථාන හා ස්මාරක - පුරාවිද්‍යා ද දෙපාර්තමේන්තුව