උතුරු පව්ව විහාරය

උතුරු පව්ව විහාරය

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල පොලිසිය ස්ථානයට යාබදව කඳුලව පාරේ කි.මී 1 ක පමණ දුරින් පිහිටා ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 236 (ක්‍රි.ව. 191) දෙවන පෑතිස් රජු දවස බෝධිගුප්ත නම් කුමරුන් විසින් මයුරාවතී කුමරිය සරණපාවා කරගෙන එකල වත්මන් උතුරු පව්ව විහාර භූමියේ රජ මාළිගය කරගෙන හොඳින් රාජ්‍ය පාලනය ගෙන ගොස් ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ. පසුව එම ස්ථානයේ දෙවියන්ට යාග හෝම කිරීම සඳහා ස්ථානයක් ද, අනතුරුව එම ස්ථානයේ තිබෙන අඩි 120 ක් දිග ගල්ලෙනෙහි 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර ඇත. විහාර භූමියට උතුරු දෙසින් මෙම ලෙන් පිහිටි නිසා මෙම විහාර භූමි ප්‍රදේශයට “උතුරුපව්ව“ යනුවෙන් නම් යෙදී ඇත.

ග්‍රන්ථ මූලාශ්‍ර - ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙබ් අඩවිය පින්තූර මූලාශ්‍ර