සංගමු විහාර සෙල්ලිපිය

සංගමු විහාර සෙල්ලිපිය

මෙරට ඇති පැරණිතම යුද සාම ගිවිසුම වශයෙන් සැලකෙන සංගමු විහාර සෙල්ලිපිය කුරුණෑගලට නුදුරු ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද්දෙකැටිය ගම අසල උඩබුලත්ගම ප්‍රදේශයේ රමණීය ස්ථානයක පිහිටි සංගමු විහාරය අසල ගල් තලාවක් මත මෙම සෙල්ලිපියේ පිහිටා ඇත.

පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබාහු රජවරුන් අතර යුද්ධ නොකිරීම සම්බන්ධයෙන් ඇතිකර ගත් සාම ගිවිසුමක් පිළිබඳ තොරතුරු මෙම සෙල්ලිපියෙන් අනාවරණය වේ. 12 වැනි සියවසේ පිහිටුවන ලද මෙම සෙල්ලිපිය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වුවද අද එය පවතිනුයේ සුදුසු රැකවරණයක් නොමැතිව ස්වභාවිකව විනාශයට ගොදුරු වෙමිනි.

මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් මෙම සෙල් ලිපිය ලියා ඇතත් මේ වන විට එම අකුරු ද මැකී යමින් පවතී. දුටුගැමුණු රජ දවස කරවන ලදැයි සැලකෙන සංගමුව රජමහා විහාරය ද මෙම ප්‍රදේශයට ඓතිහාසික වැදගත්කමක් ලබා දෙයි. දකුණු ආසියාවේ පළමු යුද ගිවිසුම් දක්නට ඇත්තේ මෙම විහාරස්ථානයේ ය. මෙය ‍ක්‍රි. ව. 1153-1186 කාලයේ රජ කළ පරාක්‍රමබාහු රජතුමා හා ක්‍රි.ව.1132-1153 කාලයේ රජ කළ දෙවන ගජබා රජතුමා අතර ඇතිවූ සටන් විරාමයක ප්‍රතිඵලයක් බව සංගමු සෙල්ලිපියේ සඳහන් ව ඇත. එමෙන්ම ලක්දිව අවසන් රහතන් වහන්සේ වන මලියදේව රහතන් වහන්සේ මෙම සංගමුව විහාරයේ වැඩ විසූ බව යන ජනප්‍රවාදයේ පවතී. මෙහි දක්නට ඇති කටාරම් සහිත ගල්ලෙන් 13 මුල් යුගයට අයත් සඳකඩපහණ, මුරගල යූපස්ථම්භය මෙහි දක්නට ඇත. ඒ අනුව රජය විසින් සංගමු විහාරය පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් නම් කර ඇත.

ග්‍රන්ථ මූලාශ්‍ර - අන්තර්ජාලය ඇසුරෙන්