රිදී විහාරය

රිදී විහාරය

ශ්‍රී ලංකාවේ අසහාය මහා ස්තූපය වශයෙන් විරුදාවලිය ලද ස්වර්ණමාලී මහා සෑ රදුන් නිර්මාණයේ දී අවශ්‍ය රිදී ලෝහය සැපයූ ස්ථානයට පූජෝපහාරයක් වශයෙන් එතැන දුටුගැමුණු රජතුමා විසින් ‍ (ක්‍රි.පූ. 161-138) විහාරස්ථානයක් කරවූ බව ඉතිහාස ප්‍රවෘත්තියයි.

රුවන්වැලි සෑය ගොඩනංවන අවස්ථාවේ ඒ වෙනුවෙන් රිදී ලබාගත්තේ “අම්බට්ඨකෝනක“ ලෙනෙන් බවත් ඉන් අනතුරුව රජතුමා විසින් රිදී විහාරය ගොඩනංවා රනින් කළ බුදු පිළිමයක් එහි තැන්පත් කළ බවත් මහාවංශයේ සඳහන් වේ. මහාවංශය විහාරස්ථානය හඳුන්වා ඇත්තේ “රජත ලෙන“ වශයෙනි.

මූලාශ්‍ර- අන්තර්ජාලය ඇසුරෙන්