කිඹුල්වානා ඔය ව්‍යාපාරය

කිඹුල්වානා ඔය ව්‍යාපාරය

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවන මහා වාරි කර්මාන්තය වන කිඹුල්වානා ඔය ව්‍යාපාරය ලේනව කඳු වැටියේ දුනුගල සහ විහාර කන්ද කපොල්ල තුළින් ගලා ගිය කිඹුල්වාන ඔය හරස්කර ක්‍රි.ව. 276-304 කාලයේදී මහසෙන් රජුතුමා විසින් ඉදිකරන ලද මහ වැව් 16න් එකක් බව මහා මහාවංශය සඳහන් කරයි. ක්‍රි.ව. 937-954 කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජතුමා ද, 1154-1186 කාලයේ රජකම් කළ පස්වන පරාක්‍රමබාහු රජතුමා විසින් ද අතීතයේ මෙම වාරි ව්‍යාපෘතිය පුනරුත්ථාපනය කර ඇති බවට ඉතිහාසයේ සාක්ෂි ඇත.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැල්සිරිපුර නගරයට සැතපුම් 05ක් පමණ වයඹ දිශාවෙන් පිහිටා ඇති මෙම ජලාශය මෑත යුගයේ එනම්, 1957 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්ද නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. ඒ අනුව අක්කර 721 (හෙක්ටයාර 292 ට) ජලය ලබා දුන් කිඹුල්වාන ඔය ව්‍යාපාර වැව් බැම්ම 1965 දී අඩි 04කින් උත්සාහ ජල ධාරිතාව අක්කර අඩි 5575 ක් දක්වා වැඩි කර ඇත. ඉන්පසු වර්ෂ 1994 රුපියල් ලක්ෂ 350 ක් වැය කර වැව් බැම්ම තවත් පඩි 02කින් උත්සා ජල ධාරිතාව අක්කර අඩි 6828 දක්වා වැඩිකර කුඹුරු 1171ක් දක්වා අක්කර අඩි 450 කින් වැඩිකර වාර්ෂික නිෂ්පාදනය රුපියල් දස ලක්ෂ 40-50 දක්වා වැඩිකර ඇත. මෙම කිඹුල්වානාඔය වැවෙන් කොටසක් අයත් වන යුනිට් 3 ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති ඓතිහාසික හීනුග්ගල රජමහ විහාරය ද ප්‍රදේශයේ පෞරාණික ප්‍රෞඩත්වය දනවන සංකේතයකි.

ග්‍රන්ථ මූලාශ්‍ර - ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙබ් අඩවිය