බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය

බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය

ඉබ්බාගමුව ප්‍රදේශයට ජාතික හා ජාත්‍යන්තර වටිනාකමක් මෙන්ම ඓතිහාසික වැදගත්කමක් ලබා දෙන ස්ථානයකි. 1952 ආරම්භ වූ මෙම ආයතනය අද වනවිට වී වගාවේ ප්‍රභේද දියුණු කරමින් විවිධ පර්යේෂණ කටයුතු කරගෙන යනු ලබන අතර මේ සඳහා බතලගොඩ වැවෙන් යල මහ කන්න දෙක තුළම අඛණ්ඩ ජල සැපයුම් ලබා දෙයි.

පැළෑටි සංරක්ෂණ පර්යේෂණ, පාංශු විද්‍යාත්මක පර්යේෂණ, බීජ වී නිෂ්පාදනය, සමාජ ආර්ථික සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පාසල්, විශ්වවිද්‍යාල හා කෘෂි විද්‍යාල සිසුන් සහ පර්යේෂකයන් පුහුණු කිරීම් වැනි කටයුතු ඔස්සේ විශාල මෙහෙයක් කරන වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය රටට සේවය කරන අතරම ජාතික හා ජාත්‍යන්තර වටිනාකමක් ලබා දෙන ආයතනයකි.