බයෝ-බැබ් ශාකය

බයෝ-බැබ් ශාකය

අරාබි ජාතිකයන් විසින් හඳුන්වා දෙනු ලැබූ බයෝ- බැබ් ශාක (ඉතා විශාල වට ප්‍රමාණයෙන් යුතු බයෝ-බැබ් ශාකයක් පල්ලිමුණේ පිහිටා ඇත.) බෝතල් ගස්, උඩු යටිකුරු ගස, ලෙස ද හඳුන්වනු ලැබේ. බයෝ-බැබ් අප්‍රිකාව, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවට ස්වදේශික වෘක්ෂයකි.

ලංකාවට අරාබි වෙළෙඳ විසින් ඔටුවන් පෝෂණය කිරීම සදහා ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. පැරණිතම සහ විශාලතම බයෝ-බැබ් වයස අවුරුදු 800 ක් පමණ බව සදහන් වේ. එම බයෝ- බැබ් ශාකයක් පල්ලිමුණේ පිහිටා ඇත. මෙම ගස 2003 අධ්‍යයනය කර වසර 723 පැරණි බව ගණනය කරන ලදී . ගසේ පරිධිය මීටර් 19.5 සහ එහි මීටර් 7.5 ක් උස වේ.