පොත්ගුල් වෙහෙර පිළිමය

පොත්ගුල් වෙහෙර පිළිමය

පරාක්‍රමබාහු පිළිමය, පුලස්ති පිළිමය යන නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ශෙලමය පිළිමය පොත්ගුල් විහාරයේ සමීපයේ ඇති පර් වතයක අඩි 11 අඟල් 8ක් උසින් යුක්තව නිර් මාණය කර ඇත. මෙම ප්‍රතිමාව පිලිබදව මත තුනක් පවතින අතර ඉන් ප්‍රබලම මතය වන්නේ මෙය මහා පරාක්‍රමබාහුබාහු රජුගේ ප්‍රතිමාවක් බවයි. පුලතිසිපුරය තම රාජධානිය කරගත් රාවණා රජුගේ ආදිතමයෙක් වන පුලතිසි සෘෂිවරයාගේ බව හා ‍ මෙම ප්‍රතිමාවේ රාජාභරණ කිසිවක් පැළඳ නැති නිසා කපිල ඍෂිවරයාගේ බව යන්න අනිත් මතය වෙයි. කෙසේ වෙතත් මෙහි මුහුණේ හැගුම් ඉතා ප්‍රබලව නිරූපණය වේ.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව