පැරකුම්බා රාජ මාලිගය

පැරකුම්බා රාජ මාලිගය

විජයෝත්පාය, වෛජන්ත ප්‍රසාදය යන නම්වලින් හැඳින්වෙන මෙම නිර්මාණය මහල් හතකින් යුත් ගඩොලින් නිම වූවකි. මෙය ඇතුළු පුරයේ දකුණු දෙසට වන්නට පිහිටා ඇත. අඩි 150ක් දිගින් හා පළලින් යුතු සමචතුරස්‍රාකාර බිමක ඉදි කරන ලද මල් ලිය කමින් හා රිදී, මුතු, ඇත්දළ ආදියෙන් අලංකෘත වූ කාමර රාශියකින් සමන්විත සුවිසල් ගොඩනැගිල්ලක් බව වංශ කතාවන්හි සඳහන් වේ. භූගත නල මගින් ජලය සපයා ඇත. අධික ඝනකමින් යුතු බිත්ති හා දැවයෙන් නිමවූ මහල් සහ වහළින් යුක්ත වේ. මාළිගාවට ඇතුළුවන ස්ථානයේ රැස්වීම් ශාලාවක් යැයි සැලකිය හැකි සුවිශාල ශාලාවකි. මෙහි බිත්ති ඉතා ඝනකම් ය. දැව භාවිතා කරමින් මහල් සහ වහල නිමවා ඇති බව සැලකේ. රජ බිසෝවරුන් දෙදෙනාගේ, නිලධාරීන්ගේ සහ මෙහෙකරුවන්ගේ නිවාස ලෙස සැලකිය හැකි ගොඩනැඟිලි ද මෙම බිමෙහි දකිනට ඇත.කෙසේ වුවත් කාලිංග මාඝ සිදුකල ආක්‍රමණයේදී මෙම ගොඩනැගිල්ල විනාශ වී ඇත.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව