පරාක්‍රම සමුද්‍රය

පරාක්‍රම සමුද්‍රය

පතෝපා වැව, එරමුදු වැව, දුඹුටුලු වැව, කලහගල වැව, භූ වැව සහ බැඳි වැව යන වැව් හයක් එකට එක් කිරීමෙන් හා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද වාරි කර් මාන්තය පරාක්‍රම සමුද්‍රයයි. මෙම වැව් අතරින් බැඳිවැව හැර අන් සියලු වැව් අභ්‍යන්තර වේළි වලින් එකිනෙකින් වෙන් වී තිබී ඇත. පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 109,000 ක් වන අතර ධාරා ප්‍රදේශය වර් ග සැතපුම් 2800 ක් වූ ජලාශයේ සොරොව් තුනක් මගින් වගා ප්‍රදේශයන්ට ජලය සැපයේ. වංශකථා වලට අනුවඇළ මාර් ග 11 ක් සම්බන්ධව තිබූ පැරණි පරාක්‍රම සමුද්‍රයේ සොරොව් හතක් පැවතී ඇති නමුත් වත්මන් ඇළ මාර් ග තුන ඔස්සේ ජලාශයෙන් පෝෂිත වගා බිම් වපසරිය අක්කර විසි දහසක් පමණ වේ. වර් ෂා සමයන්හිදී සුදු කන්ද ජල පෝෂක ප්‍රදේශයෙන් ගලා එන ඇල මාර් ග කිහිපයකින්ම පැරකුම් සමුදුර පෝෂණය වන අතරම මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන අඹන් ගඟ හරස් කර අංගමැඩිල්ලේ ඉදිකළ අමුණ මගින් ආකාශ ගඟ නමින් හැඳින්වූ ඇළ මාර් ගයෙන් ද ගිරිතලේ වැව් ජලය තඹලවැව සහ කඩවලවැව හරහා ගලා එන ජලයෙන්ද පරාක්‍රම සමුද්‍රය පෝෂිත වී ඇත.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව