පබළු වෙහෙර

පබළු වෙහෙර

පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන ලදී දෙමහල් ස්තූපයක් වන මෙය පොළොන්නරුවේ පිහිටි විශාල දාගැබකි. ඉහළ මාලයට නැගීමට පියගැට පෙළක් ඉදිකර ඇති අතර කොරවක්ගල, සඳකඩ පහන් ආදි කලාත්මක නිර් මාණ වලින් අලංකාර කර ඇත. දාගැබ වටා පිළිම ගෙවල් නවයක් හා මලසුන් ගෙවල් ද ඉදිකර ඇත. මෙම දාගැබෙහි සතරැස් කොටුවක් හෝ කොත් කැරැල්ලක් දක්නට නොලැබෙන නමුත් පැරණි චෛත්‍යයේ චත්‍රය හා යූප කණුව මළුවෙහි පසක දක්නට ලැබේ.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව