නිශ්ශංක ලතා මණ්ඩපය

නිශ්ශංක ලතා මණ්ඩපය

අලංකාර නෙලුම් මල් පොහොට්ටු සහිතව කැටයම් කළ ගල් කණු පේලි සහිත ශෛලමය ගොඩනැගිල්ලක් වූ මෙය නිශ්ශංක ලතා මණ්ඩපය නම් වේ. මෙම ශෛලමය කණුවල ලිපි කිහිපයක් දක්නට ලැබෙන අතර ඉන් එක් ශිලා ලේඛනයක් අනුව නිශ්ශංකමල්ල රජු පිරිත් ශ්‍රවණය කළ ස්ථානය බවට සනාථ කොට තිබේ. දාරුමය ගරාදි වැටක අණුක අනුකරණයක් වූ ගල් ගරාදි වැටකින් මෙම මණ්ඩපය වටවී ඇත. මෙම වටවූ භූමි ප්‍රමාණය නැගෙනහිර සිට බටහිර දෙසට අඩි4.3 සහ උතුරේ සිට දකුණු දෙසට අඩි 28.6 ද යුක්තවන අතර කැටයම් සහිත ශිලාමය වේදිකාවක්ද වෙයි.වේදිකාව මත ගලින් නිම කළ ස්තූපය මේ හේතුව නිසාවෙන් පිරිත් සජ්ජායනාවේ දී භාවිතා වන කරඬුව වශයෙන් යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේම දිගින් අඩි 34 අඟල් අටක් ද පළලින් අඩි 28 අඟල් අටක් වූ මෙම මන්දිරය නිශ්ශංකමල්ලමල්ල රජු විසින් කරවන ලද්දේ දළදා ප්‍රදර් ශන සඳහා යැයි ද මතයක් පවතී. සෑම ශිලා කුලුණක් ම වේදිකාවේ සිට ඉහළට අඩි 8.4 ක් වේ.මධ්‍යයේ ඇති දාගැබ් වටා වන්දනාකරුවන්ගේ රූප නෙළා ඇත.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව