ගල් පොත

ගල් පොත

නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද ගල්පොත ශිලා ලේඛනය පොළොන්නරුව නගරයේ දළදා මළුවෙහි පිහිටි හැටදාගෙය දකුණු දිසාවෙන් පිහිටා ඇත. මෙහි පොතක් මෙන් පිටු වෙන් කර ඇති බැවින් ගල්පොත නම් වේ. සෙල්ලිපියෙහි ඉදිරිපස හංස පේළියකින්ද ඇත් රූ දෙකකින් ආවරණය කරගත් ලක්ෂ්මී දෙවඟන පෙන්වා ඇත්තේ වාසනාවේ සං සංකේතය ලෙසිනි. ලංකාවේ හමුවුන විශාලතමතම සෙල්ලිපිය වන මෙහි නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරවන ලද සියළු රාජ්‍යමය කාර් යයන් සඳහන් වේ. මෙම ගල් සීගිරිය හෙවත් මිහින්තලේ සිට මෙහි ගෙනා බව සඳහන් වේ. ගල්පොත ශිලාලිපිය දිගින් මීටර 8.2 පමණ වන අතර මීටර 1.4 ක පමණ පළලකින් ද අඩි දෙකක පමණ ඝණකමකින් ද යුක්තය. අන්තර් ගතය පේලි 72 කින් සමන්විත වන අතර එහි අක්ෂර 4300 ක් පමණ වන බව සඳහන් වේ.

මූලාශ්‍ර:-ඓතිහාසික ස්ථාන හඳුනා ගනිමු - පොළොන්නරුව