ශ්‍රී මහා බෝධිය

ශ්‍රී මහා බෝධිය

අනුරාධපුර ඓතිහාසික නගරයේ පිහිටි පූජනීය ස්ථාන අතුරින් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස ජය ශ්‍රී මහ බෝධිය හැඳින්විය හැක. මෙය අටමස්ථාන අතරට ද අයත් වේ. මිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් මත දේවානම්පියතිස්ස රජතුමා විසිනි තම බෑනා වූ අරිට්ඨ කුමරු අත ධර්මාශෝක රජතුමාට යවන ලද ඉල්ලීම පිළිගත් එතුමා දඹදිව ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණිය ඇතුළු පිරිස සමග ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවන ලදී.

එකල දේවානම්පියතිස්ස රජු විසින් ‍ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනයා පූජෝපහාර සහිතව පිළිගන්නා ලද මෙම බෝධි ශාඛාව මිහිදු මහරහතන් වහන්සේ විසින් පෙන්වන ලද පෙර බුදුවරුන් ගේ බෝධි පිහිටි තැන් හි අඩි 21 ක් පමණ ගොඩකරන ලද භූමියෙහි උඳුවප් පුර පසළොස්වක දිනට පෙර දින සවස රෙහෙණ නැකතින් රෝපණය කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය.

ශ්‍රී මහා බෝධිය වදින ගාථාව
සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ - සම දිට්ඨිත දක්ඛිණ ශාඛභවං
සුභ මේඝවනම්බර මේඝනිභං - ජය බෝධිමහං පණමාමි වරං

මූලාශ්‍ර - ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පූජනීය ස්ථාන - එම්.රංජිත් ආරියවංශ පෙරේරා මහතා