සමාධි බුදු පිළිමය

සමාධි බුදු පිළිමය

ශ්‍රී ලංකාවේ පිහිටි බුදු පිළිම අතරින් වඩාත්ම සම්භාවනාවට පත් ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන පිළිමයක් ලෙස සමාධි බුද්ධ ප්‍රතිමාව විරු දරයි. මෙහි ඇති ශාන්ත බව, කලාත්මක ගුණය, ජීවමාන ස්වරූපය මෙහි සුවිශේෂී බව මොනවට විදහාපායි. මෙම පිළිම වහන්සේ දැනට අභයගිරි ආරාම සංකීර්ණය තුළ තැන්පත් කර ඇත. සමහර විට මුලින් මහමෙව්නාවේ තිබී ඉන්පසු මෙතැනට ගෙන ආවා විය හැකිය.

මෙය ධ්‍යාන මුද්‍රාව හා වීරාසන සහිත හිඳි පිළිමයක් වන අතර උස අඩි හතයි අඟල් හයක් පමණ වේ. පිළිමය සෑදීමේ අමුද්‍රව්‍ය ලෙස හුණුගල් යොදාගෙන ඇත. මෙය අනාබද්ධ පිළිමයකි. එනම් පිළිමය නෙළු පර්වතයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කොට ගෙන ඇති යන්නයි. මෙම පිළිම වහන්සේ වර්තමානයේ ගඩොලින් තැනූ ආසනයක් මත තැන්පත් කොට ඇති අතර කොන්ක්‍රීට් කණු මත කොන්ක්‍රීට් වහලක් ඉදිකර සෙවණන ලබා දී ඇත