ලෝවාමහාපාය

ලෝවාමහාපාය

තඹ මිශ්‍ර ලෝහ උළු සෙවිලි කළ මන්දිරය නිසා මෙයට ලෝවාමහාපාය ලෙස නම් තබා ඇතැයි සැලකේ. මෙම මහා ප්‍රාසාදය මහමෙව්නා උයනේ පිහිටුවා ඇත. මෙය භික්ෂුන් සදහා පොහොය ගෙයක් ලෙස නිර්මාණය කොට ඇතැයි සැළකේ. මහා ශෛලමය කුළුණු දහස් ගණනක් මත මහල් නවයකින් යුක්තව එක් එක් මහලේ රිදියෙන් නිම වන ලද කුළුගෙවල් ( කූටාගාර) 100 බැගින් සහ ගබඩා දහසකින් සමන්විතව රන්, රිදී , මැණික් ආදියෙන් දිව්‍ය විමානයක් ලෙසටම අලංකාර ව මෙය කරවූ බව වංශ කතා වල සඳහන් වේ. මෙම වටිනා වස්තුන්ට අමතරව මහා ප්‍රාසාදය සෑදීමට තිස් කෙළක් කහවනු (කහවනු කෝටි 30 )වැය වූ බව කියැවේ. මහාවංශයේ සඳහන් වන පරිදි ලෝවාමහාපායේ දිග පලළ සහ උස රියන් 1500 බැගින් ද අද දක්නට ඇති නටඹුන් වූ ගල් කණු වලින් වැසී ඇති භූමියේ දිග පළල අඩි 200 බැගින් වේ

සද්ධාතිස්ස රාජ්‍ය සමයෙහි මෙය ආලෝකවත් කළ පහනක් පෙරලී ලෝවාමහාපාය ගිනි ගත් බවත් කියැවෙයි. දෙවන සේනාග රාජ සමයේ ද නැවතත් මෙය ගිනිගත් වූ බැවින් එය පස්මහල් කොට නිමවීය. මහසෙන් රාජ්‍ය සමයේදී ජෛතුල්ය වාදීන් ගේ කුමන්ත්‍රණයක් නිසා ‍ලෝවාමහාපාය විනාශයට ලක් විය . කිත්සිරිමෙවන් රජ සමයේ දී ය නැවතත් මේ සත්මහල අවසන් වරට පිළිසකර කර ඇත්තේ දොළොස් වැනි සිය වසෙහි මහපැරකුම් රජතුමා විසිනි. අද දක්නට ඇත්තේ එම ප්‍රතිසංස්කරණයේ නටබුන් ය. දැනට ඇති ගල් කණු ගණන 1600 කි.

මූලාශ්‍ර - www.lakehouse.lk