වෙල්ගම්වෙහෙර

වෙල්ගම්වෙහෙර

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නැගෙනහිර කඩ්ඩුකුලම් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකුලම් ගමේ පිහිටා ඇති අතර ත්‍රිකුණාමලය හොරොව්පතාන පාරේ 106 වෙනි සැතපුම් කණුව අසළින් උතුරට හැරී සැතපුම් 5ක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානය හමු වේ.

විල්ගම් වෙහ‍ෙර සොලීන් විසින් හඳුන්වනු ලැබුවේ රාජරාජපෙරුම්පල්ලි යන නමිනි. මෙම ස්ථානයට ඉහලින් ඇති කදු මුඳුනේ දාගැබක අවශේෂ පවතී. ඊට යාබද පර්වත II වන භාතිය රජුගේ (ක්‍රි.ව. 142-168) රාජ සමයේ සිටි අභය නම් සෙන්පතියකුගේ සෙල්ලිපියක් ඇත. එහි සඳහන් වන්නේ ක්‍රි.ව. දෙවන සියවසේ දී මෙහි අභයගාර නමින් විහාරයක් තිබූ බවය. ප්‍රාකාරයකින් වට වූ ප්‍රදේශයක පිළිම ගෙවල් කිහිපයක හා දාගැබක අවශේෂ පවතී. එක් පිළිම ගෙයක ගඩොලින් කළ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක අවශේෂ පවතී. අනිත් පිළිම ගෙවල්වල තිබී ඇත්තේ ගලින් කරවන ලද බුද්ධ ප්‍රතිමාය. හතරැස් වේදිකාවක් මත දාගැබ ඉදිකර තිබේ.

මූලාශ්‍ර - http://www.lakehouse.lk