රංගිරි උල්පත

රංගිරි උල්පත

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රංගිරි උල්පත ගමේ පිහිටා ඇති රංගිරි උල්පත, අනුරාධපුරය - ත්‍රිකුණාමලය මාර්ගයේ පන්කුලම් හන්දියෙන් හැරී ගෝමරන්කඩවලට ගොස් දකුණට හැරී ගමන් කළ විට දක්නට ලැබේ.

පැරණි ආගමික සංකීර්ණයක් පිහිටා තිබූ මෙහි පැරණි සිරිපතුල් ගල්, මුරගල්, මල් ආසන, චෛත්‍යය හා වෙනත් ගොඩනැගිලි ආදී නටඹුන්ද උණු දිය ළිං දෙකක් ද දැකිය හැකි ය.