මුහුදු මහා විහාරය

මුහුදු මහා විහාරය

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් ගමේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළෙ පිහිටා ඇති ක්‍රි.ව.පළමුවන සියවසේ දී මහදැළියමාන නොහොත් මහා දාඨික මහා රජතුමා විසින් ඉදිකරන ලදැයි පවසන මුහුදු මහා විහාරය රුහුණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධාස්ථානයකි.

මුහුද ගොඩගැලීමෙන් රට බේරා ගැනීමට මුහුදට බිලි වූ දේවී කුමරියත් කාවන්තිස්ස රජුත් විවාහා පාත්‍ර වූ ස්ථානය වශයෙනුත් එය ජනප්‍රවාදගතය. එයට හේතු වූ කාරණා අතර එම ස්ථානයෙන් හමුවූ අභිෂේක මණ්ඩපයක් දැකිවිය හැක. මා නමින් කළ විහාරදේවී පිරිවෙන මෙ වර බව දත යුතු.

පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන් මුහුදු කෑමට ලක්වීමෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය මුහුදුට බිලිවිය. නටඹුන් වසාගෙන වැලි කදු ගොඩ ගැසෙන්නට විය. ලංකා රාජ්‍යත්වය අවසන් වී බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමයේ දී සුදු නිලධාරීන් අතින් පුරාවස්තු සොයා බැලීම් කරන අවස්ථාවේ දී මුහුදු මහා විහාරය යලි සොයා ගැනුනි. මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මහතාගේ මුලිකත්වයෙන් නැගෙනහිර පලාත ගවේෂළුය කරන කල්හි 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත්‍රයෙන් මුහුදු මහා විහාරය ද ඇතුළත් බිම්කඩ ද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේය. පසුකාලීනව සිදු කරන ලද පුරා විද්‍යා කැණීම්වලින් අනුරාධපුරයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් හඳුනා ගන්නට යෙදුනි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක් ද මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් ද මෙම පිළිපම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි.

මුලාශ්‍ර - විකිපීඩියා නිදහස් විශ්වකෝෂය හා අන්තර් ජාලය ඇසුරිනි