කුඩුම්බිගල

කුඩුම්බිගල

අම්පාර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ අම්පාර පත්තුවේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පානම ගමේ පානම මහා විද්‍යාලය අසලින් ඇරඹෙන යාල අභය භූමියට පිවිසෙන ගුරු පාරේ, රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ , සැතපුම් 7ක් පමණ 7-8 සැතපුම් කණු අතරින් දකුණට ඇති ගුරු පාරේ තවත් සැතපුම් දෙකක් දුරක් ගෙවූ පසු කුඩුම්බිගල හමුවේ. වයඹ දිගින් මොණරාගල කදුවැටි පෙළත් ගිණිකොන දිගින් මුහුදු වෙරළත් අතර තැකිතලා බිම් තීරුවේ මුහුදු මට්ටමේ සිට අඩි 100-500ත් අතර උස් භූමි ප්‍රදේශය කුඩුම්බිගලට අයත් වේ.

සිය පවුල පිටින් මහණදම් පුරා නිවන අපේක්ෂා කල ගල නිසා පවුල යන අරුත් ඇති කුඩුම්බම් යන දමිළ වචනයෙන් කුඩුම්බිගල යන නාමය ලද බව ජනප්‍රවාදයේ පවතී. කුඩුම්බිගල ක්‍රි.පූ 3 හෝ 4 වෙනි සියවස්වලට ද වඩා පැරණි නටබුන් සහිත ඝන කැලෑවක් මැද පිහිටා ඇති විශාල ගල්පර හා ගල්තලාවලින් නිර්මාණය වූ ස්ථානයකි. නිශාල ගල් පර්වත දෙකක් මුහුදු වෙරළට ආසන්නව පිහිටා ඇති අතර මෙයින් විශාල පර්වතය බැලුම්ගලයි. එය මත සිලින්ඩරාකාර ස්තූපයකි. ඊට නුදුරින් පිහිටි දෙවනි පර්වතට මත කුඩු ස්තූප තුනකි. මේ එහි ඇති බ්‍රාහ්මීය ලිපි තුනකි. විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහාරෙක ක්‍රිස්තූ පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැක. ඇතැම් ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද මෙහි පවතින විශාල ගල් පර්වතය වන කුඩුම්බිගල මත ශේෂ වූ දාගැබ් දෙකක අවශේෂයන්ද පවති.

මුලාශ්‍ර - බෞද්ධ තොරතුරු එකතුව, එතෙරවන ගමන, සහෘද තොටුපළ වෙබ් පිටු ඇසුරිනි